කළුගල ආරණ්‍ය සේනාසනය Kalugala Forest Hermitage.

 කළුගල ආරණ්‍ය සේනාසනය 


ස්වභාව සෞන්දර්යයෙන් අනූන තවත් ආරණ්‍ය සේනාසනයක් තමයි කළුගල ආරණ්‍ය සේනාසනය.

සිංහරාජ වනාන්තරයේ එක් මායිමක කඳු මුදුනක තමයි මේ සේනාසනය පිහිටා ඇත්තේ.

මේ ප්‍රදේශය හඳුන්වන්නේ ගුරුළුබැද්ද නමින්.

සේනාසනයට ලඟාවීමට මතුගම නගරයට පැමිණ එතැන් සිට බදුරලිය ප්‍රදේශයට පැමිණිය යුතුය

පසුව බදුරලිය-පැලවත්ත මාර්ගයේ 10km පමණ ගමන් කිරීමෙන් පසු හමුවන අතුරු මාර්ගයේ ඉහළට 1km දුර ගෙවා යාමෙන් ආරණ්‍ය පිහිටා ඇති වනාන්තරයට පිවිසිය හැක.

පෞරාණික ඉතිහාසයක් ඇති මෙම සේනාසනය වෙත බොහෝ දෙනා තම සිත් සුවපත් කරගැනීමේ අරමුණෙන් නිරන්තරයෙන් පැමිණෙයි.

වනාන්තරය ඇතුලට වන්නට පිහිටා ඇති කුටි තුල රහතුන් වහන්සේලා භාවනානුයෝගීව වැඩ සිටිති.

පුරාණ විහාර අංග රැසකින්ද මෙම ආරණ්‍ය සේනාසනය සමන්විතය.

ඔබත් දිනක පැමිණ මොහොතකට හෝ සිත් සුවපත් කරගන්න.

සේනාසනයේ අසිරිය විඳගන්න.


~යොවුන් සංචාරකයෝ~

Kalugala Forest Hermitage is another forest sanctuary that is known for its natural beauty.


 This monastery is located on a hilltop at the edge of the Sinharaja forest.


 This area is called Gurulubedda.


 To reach the monastery one has to come to Matugama town and from there to Baduraliya area


 After traveling about 10km along the Baduraliya-Pelawatta road, you can reach the forest where the forest is located by paying 1km to the top of the by road.


 Many people regularly visit this ancient monastery for healing purposes.


 The Arahants meditate in the huts located inside the forest.


 This forest monastery also has many ancient temple features.


 Come on in, take a look and enjoy yourself!


 Experience the splendor of the monastery.




















Comments

Popular posts from this blog

සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනය Sinharaja prantha aranya senasanaya

පූජාලෙන ආරණ්‍ය සේනාසනය Poojalena Aranya Senasanaya

කබරදොල ඇල්ල| Kabaradola Ella