සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනය Sinharaja prantha aranya senasanaya
සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනය
බුදු දහම හා පරිසරය අතර ඇත්තේ නොබිඳෙන බැදීමක්.
බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ සිට වර්තමානය දක්වාම භික්ෂූන් වහන්සේලා භවුන් වැඩීම සඳහා තෝරාගත්තේ ස්වභාවික පරිසරයයි.
එවැනි වටිනාකමකින් යුත් ආරණ්‍ය සේනාසනයක් වැඳපුදා ගැනීමට මා ඇතුළු මාගේ සඟයන් පිරිසට හැකිවිය.
ලෝක උරුම සිංහරාජ වනාන්තරය තුල පිහිටා ඇති මෙම ආරණ්‍ය සේනාසනය නමින් සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනයයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ බුළුතොට නම් ග්‍රාමයේ කඩමුදුන නම් ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන පරිසරයක මෙම ආරණ්‍ය සේනාසනය පිහිටයි.
විහාර සංකීර්ණයක්,ඉපැරණි බෝධියක්,දාගැබක්, පිරිවෙනක් ඇතුළු විහාර අංග වලින් මෙම ආරණ්‍ය සේනාසනය සමන්විත වේ.
රත්නපුර සිට පැල්මඩුල්ල,රක්වාන හරහා බුළුතොට ප්‍රදේශයට පැමිණීමෙන් සේනාසනය වෙත ලඟා විය හැක.
රත්නපුර සිට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 65ක් වේ.
ආරණ්‍ය සේනාසනය අවට සිංහරාජ වනාන්තරය තුල ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 147ක්,මත්ස්‍ය විශේෂ 11ක්,උරග හා උභය ජීවී විශේෂ 36ක්, ක්ෂීරපායි විශේෂ 39ක්ද ජීවත් වේ.
~යොවුන් සංචාරකයෝ~
There is an unbreakable bond between Buddhism and the environment.
From the time of the Supreme Buddha to the present day, the monks have chosen the natural environment for the temple to grow.
My comrades and I were able to pay homage to such a valuable forest sanctuary.
Located in the World Heritage Sinharaja Forest, this forest monastery is called the Sinharaja State Forest Hermitage.
This forest monastery is located in a scenic environment in the area called Kadamuduna in the village of Buluthota in the Ratnapura District.
The Aranya Senasana consists of a temple complex, an ancient Bo tree, a Dagaba and a Pirivena.
From Ratnapura you can reach the monastery by coming to Bulutota area via Pelmadulla, Rakwana.
The distance from Ratnapura is 65 km.
The Sinharaja Forest around the Aranya Senasana is home to 147 endemic bird species, 11 species of fish, 36 species of reptiles and 39 species of mammals.
Comments
Post a Comment