කිරිඳි ඇල්ල|පැල්මඩුල්ල~ Kirindi Ella|Pelmadulla
තවත් ලස්සන දිය ඇල්ලක් බලන්න යන්න අපිට අවස්ථාව ලැබුණා.. මේක නමින් කිරිඳි ඇල්ල. ලංකාවේ උසින් හත් වෙනි ස්ථානය ගන්න දිය ඇල්ල. උසින් මීටර් 116ක්. පිහිටා තියෙන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රදේශයේ කුට්ටාපිටිය කියන ගමේ. ගලා වැටෙන ජලකඳ අවසානයේ එකතු වෙන්නෙ කළු ගඟට. කුට්ටාපිටිය කන්දෙන් ඇරඹෙන දිය ඇල්ල අවට රක්ෂිතය ශ්‍රීලංකාවට අවේණික ශාක,සත්ව විශේෂ රැසකගේ තෝතැන්නක්. දිය ඇල්ලට ලඟා විය හැක්කේ රත්නපුර සිට පැල්මඩුල්ල නගරයට පැමිණ එතැන් සිට කුට්ටාපිටිය මාර්ගය ඔස්සේ කිලෝමිටර් හතරක් පමණ පැමිණිය පසු මාර්ගයේ දකුණු පසු කිරිඳි ඇල්ලට යන මාර්ග ඔස්සේ. එතැන් සිට මීටර් 500 පමණ ඳුරක් පා ගමනින් ගිය පසු කිරිදි ඇල්ලට ළඟා වෙන්න පුලුවන්. දිය ඇල්ල පාමුලට යන්න පඩිපෙලක් තිබුණත් ඝන කැලෑවෙන් වැහිලා තියෙන නිසා පහලට යාම ටිකක් අමාරුයි. අනික ලිස්සනවා. කූඩැල්ලන්ගෙන්නම් අඩුවක් නෑ. වැස්සත් ඒ වගේ. මං හිතන්නෙ දවසෙන් පැය 12ක් විතරම වැස්ස.. නාන්න තැන්නම් අඩුවක් නෑ..ඒ උනාට වැස්ස දවස් වලට නාන එක ටිකක් අවදානම්. වැස්සත් එක්ක දිය ඇල්ලේ ජල කඳ ක්ෂණිකව වැඩි වෙනවා. කීප දෙනෙක් මැරිලත් තියෙනවා කියල තමයි වැස්සට නැවතිලා හිටිය කඩේ මුදල...