කළුවල~ඉංගිරිය/Kalu wala~Ingiriya
කළු වල - ඉංගිරිය
ඔන්න මචන් නාන්න සුපිරි place 1ක්
ඉංගිරිය පැත්තෙ ඉඳන් එනවනම් ඉංගිරිය town 1 පාස් කරල රත්නපුර පැත්තට 1/2km විතර එද්දි ඉංගිරිය ඈගල් ඔය පාර හම්බුවෙනව
එතනින් දකුණට හැරිලා 3km විතර යද්දි හල්වතුර හන්දිය හම්බුවෙනවා.
හන්දියෙන් පහලට තියෙන පාරෙ 2km විතර යද්දි හම්බුවෙන Y හන්දියෙන් වමට හැරිලා 3km විතර යද්දි මෙතනට යන්න පුලුවන්.
පාරනම් ටිකක් සවුත්තුයි
ගල් මුල් උඩින් තමයි යන්න වෙන්නෙ..
ගමේ අයගෙන් පාර අහගෙන යන 1 තමයි හොඳම.
බයික් වලින්නම් ලොකු අමාරුවක් නැතිව යන්න පුලුවන්
ඇල්ල ගාවට යන්න වාහන මග නවත්තල 500m විතර පයින් යන්න ඕනෙ.
ගොඩක් අය හල්වතුරෙ ආවට මෙතනට ගිහින් නැතුව ඇති..
ඇල්ල පාමුල 15m විතර ගැඹුරුයි
පීනන්න අමාරු අය පරිස්සමින්..
fun 1ක් ගන්න පුලුවන් සුපිරි තැනක්.
ඉතින් ඇවිත් බලන්න..
එකම ඉල්ලීම මේ පරිසරයනම් අපවිත්‍ර නොකරන්න කියන 1 තමයි..
comment 1ක් දාගෙන යන්න
අනිත් අයටත් බලන්න share කරන්න...👌🏻
Comments
Post a Comment