රක්වාන වංගු 10 Rakwana 10 bends
ලංකාවේ සුන්දර තැන් හොයාගෙන යන අපේ මීළග ගමනාන්තය උනේ හිමිදිරි පෙදෙස එහෙමත් නැත්නම් ගොඩක් අය අහලා තියෙන සූරියකන්ද.
රක්වානේ ඉඳන් සූරියකන්දට යන A17 මාර්ගය අතර තමයි මේ වංගු 10 හම්බුවෙන්නෙ..
5km වඩා වංගු සහිත තරමක පටු මාර්ගයක් මේක.
වටපිටාවෙ ලස්සන නම් කියලා නිමකරන්න බැරි තරම්.
ගමන අතරමගදී රක්වාන view point එකත් බලාගන්න පුළුවන්.
අංශක 270ක විතර වපසරියක්.
උදේ පාන්දරම මෙතනට ගියාම,හීන් සුළගත් එක්ක දැනෙන හිරිගඬු පිපෙන හීතල සංචාරකයෙක් විදියට විඳින්නම ඕනෙ.
කරුණු කාරණා ඒ විදියට ලියවෙද්දි මේ ගමනට සුදුසුම ගමන් සගයා වන අපේ bike ටික අමතක කරන්න බෑ.
අපි සැලසුම් කලේ පාන්දර 3ට ගමන පටන් ගන්න උනත්, යාලුවො ඔක්කොම එකතු කරගනිද්දි වෙලාව පාන්දර 4ත් පහු වෙලා.
මාත් එක්ක ඔක්කොම හය දෙනයි.
හොරණින් ගමන් ආරම්භ කරපු අපි රක්වාන වංගු 10ට ලඟා වෙද්දි වෙලාව උදේ 9ට විතර ඇති.
රත්නපුර නගරයට ඇවිල්ලා එතන ඉඳන් පැල්මඩුල්ල හරහා කහවත්තටත්,කහවත්තේ ඉඳන් රක්වානටත් ආවම මෙතනට ලඟා වෙන්න පුලුවන්. රත්නපුරේ ඉඳන් දුර කිලෝමීටර් 55ක් විතර.
වංගු10 හරහා යන අතරමගදී කුඩා දිය ඇලි කිහිපයක්ම හමුවෙනවා.
දිගටම පයිනස් වනාන්තරය.
ලංකාවේ සුන්දරත්වය නම් වචන වලට පෙරලලා නිමකරන්න බැරිතරම්.
ඉතින් ඒ අත්දැකීම ඔයාලත් දවසක ලබාගන්න.
අපි වචන වලින් කිව්ව ලස්සන හැබැහින් දකින්න.
~යොවුන් සංචාරකයෝ~
Our next destination in search of beautiful places in Sri Lanka was the early morning or the sunrise that many people have heard of.
These 10 bends are on the A17 road from Rakwana to Suriyakanda.
This is a fairly narrow road with more than 5km of winding.
The surroundings are beautiful and endless.
You can also see the Rakwana view point along the way.
An area of about 270 degrees.
When you go here in the morning, you must experience the cool breeze that blows with the gentle breeze as a tourist.
When things are written that way we can't forget our bike which is the best travel companion for this trip.
We planned to start the trip at 3 in the morning, but by the time we got all our friends together, it was past 4 in the morning.
All six with me.
We started our journey from Horana and reached 10 Rakwana bends around 9 am.
You can reach this place by coming to Ratnapura town and from there to Kahawatta via Pelmadulla and from Kahawatta to Rakwana. It is about 55 km from Ratnapura.
On the way through 10 bends you will come across several small waterfalls.
Continue to the pine forest.
The beauty of Sri Lanka is too much to put into words.
So get that experience yourself one day.
See the beautiful reality we said in words
Comments
Post a Comment