රක්වාන වංගු 10 Rakwana 10 bends
ලංකාවේ සුන්දර තැන් හොයාගෙන යන අපේ මීළග ගමනාන්තය උනේ හිමිදිරි පෙදෙස එහෙමත් නැත්නම් ගොඩක් අය අහලා තියෙන සූරියකන්ද. රක්වානේ ඉඳන් සූරියකන්දට යන A17 මාර්ගය අතර තමයි මේ වංගු 10 හම්බුවෙන්නෙ.. 5km වඩා වංගු සහිත තරමක පටු මාර්ගයක් මේක. වටපිටාවෙ ලස්සන නම් කියලා නිමකරන්න බැරි තරම්. ගමන අතරමගදී රක්වාන view point එකත් බලාගන්න පුළුවන්. අංශක 270ක විතර වපසරියක්. උදේ පාන්දරම මෙතනට ගියාම,හීන් සුළගත් එක්ක දැනෙන හිරිගඬු පිපෙන හීතල සංචාරකයෙක් විදියට විඳින්නම ඕනෙ. කරුණු කාරණා ඒ විදියට ලියවෙද්දි මේ ගමනට සුදුසුම ගමන් සගයා වන අපේ bike ටික අමතක කරන්න බෑ. අපි සැලසුම් කලේ පාන්දර 3ට ගමන පටන් ගන්න උනත්, යාලුවො ඔක්කොම එකතු කරගනිද්දි වෙලාව පාන්දර 4ත් පහු වෙලා. මාත් එක්ක ඔක්කොම හය දෙනයි. හොරණින් ගමන් ආරම්භ කරපු අපි රක්වාන වංගු 10ට ලඟා වෙද්දි වෙලාව උදේ 9ට විතර ඇති. රත්නපුර නගරයට ඇවිල්ලා එතන ඉඳන් පැල්මඩුල්ල හරහා කහවත්තටත්,කහවත්තේ ඉඳන් රක්වානටත් ආවම මෙතනට ලඟා වෙන්න පුලුවන්. රත්නපුරේ ඉඳන් දුර කිලෝමීටර් 55ක් විතර. වංගු10 හරහා යන අතරමගදී කුඩා දිය ඇලි කිහිපයක්ම හමුවෙනවා. දිගටම පයිනස් වනාන්තරය. ලංකාවේ සුන්දරත්වය නම් වචන ව...